Bacterial blotch බැක්ටීරියානු
ලප රෝගය (Pseudomonas tolaasi)
වගා නිවාස වල ඇති අධික
තෙතමනය (සාපේක්ෂ ආර්ද්‍රතාවය 85% ට වඩා වැඩිවීම), ඉහළ
උෂ්ණත්වය (20oC ට වඩා වැඩි උෂ්ණත්වය), දුර්වල වාතනය මෙම රෝගයට
හිතකර තත්ත්වයන්වේ. වැඩ කරන
මිනිසුන්ගේ අත් ඔස්සසේ ද, ජල
සම්පාදන ක්‍රම ඔස්සේ ද, උපකරණ මගින්
ද මෙම රෝගය පැතිර යයි.
බිම්මල් මැස්සන් හා
මයිටාවන්ද රෝගය පතුරවයි. රෝග ලක්ෂණ
මුලින් දක්නට ලැබෙන්නේ වැඩිම කාලයක් තෙත්ව පවතින මුදුන් ප්‍රදේශයේය. චොකලට් දුඹුරු පැහැ තද ලප මෙහිදී ඇතිවේ. එසේම මෙම රෝගය නිසා හතු දණ්ඩ කුණුවීම හා පැලීම සිදුවේ. ආසාදනය දරුණුවූ විට ලප මුළු හත්ත පුරාම පැතිරෙයි. දරුණු ලෙස රෝගයට බදුන්වූ බිම්මල් විකෘති වන අතර මුදුන් ප්‍රදේශය කුණුවී
අප්‍රසන්න ගදක් ඇති කරයි. කුඩා
බිම්මල් කැකුළු ආසාදනයට ලක්වූ විට දුඹුරු පැහැයට හැරෙන අතර තවදුරටත් වර්ධනය වීමක් සිදු නොවේ.
පාලනය
·
බිම්මල් වගාවේ සෞඛ්‍යාරක්ෂිත බව හා සනීපාරක්ෂිත බව ඉතා දැඩි ලෙස
පවත්වාගෙන යාම.
·
නියමිත පරිදි ජීවාණුහරනය කල හා මැනවින් පිළියෙල කළ මාධ්‍ය (උපස්ථර) භාවිතා කිරීම.
·
වගා නිවාස වල ඇති අධික තෙතමනය, ඉහළ
උෂ්ණත්වය, දුර්වල වාතනය ප්‍රශස්ථ
තත්ත්වයට පත් කිරීම
·
වගා කාමර තුළ උෂ්ණත්වය ඉහළ පහළ යාම වලක්වා ගැනීම. එවිට බිම්මල් මුදුනේ ජලය රැස්වීම වලකී
·
අසාදිත හතු ඉවත් කිරීම. නැතහොත් මේවා රෝග ප්‍රභව වේ.
·
බැක්ටීරියා ව්‍යාප්ත කිරීමට හේතු වන මැස්සන් හා මයිටාවන් පාලනය කිරීම.
·
බිම්මල් වලට ක්ලෝරනීකෘත ජලය යෙදීම. 100m2 සදහා 10% ක්ලෝරීන් 125ml ක් ජලය 1000lit ක දියකර යෙදීම. සෝඩියම්
හයිපොක්ලෝරයිඩ් වලින් බිම්මල් මුදුන් පිළිස්සීම සිදුවන නිසා කැලසියම්
හයිපොක්ලෝරයිඩ් යොදා ගන්න. මුල්ම අස්වනු නෙලීමට පෙර බිම්මල් කැකළු 4.5 mm ප්‍රමාණයේදී යොදන්න.
·
ඉවත් කරන වගා මාධ්‍ය වගා බිමෙන් බැහැර කර විනාශ කරන්න.
ජේ. සී රාමනායක
විද්‍යා තාක්ෂණ නිලධාරි
පස්ගොඩ
No comments:
Post a Comment