Tuesday, December 23, 2014

බිම්මල් වගාවට හානි කරන Die back disease (Virus)



Die back disease (Virus)       
වගා බදුන් වල ලප ඇති වන අතර දිලීර ජාල වර්ධනයක් සිදු නොවේ. මෙම ලප වටා ගුණාත්මයෙන් තොර දිගු වෘන්ත හා අපිරිසිදු බිම්මල් හිස් සහිත බිම්මල් දක්නට ලැබේ. ඇතැම් විට වෛරස් ආසාදනයක් ඇති බව පෙන්නුම් කරන එකම ආකාරය අස්වනු අඩුවීමයි. දරුණු අවස්ථා වලදී විකෘති බිම්මල් කීපයනක් ඇතිවේ. ආසාදිත බීජාණු මගින් මෙම රෝගය ගොවිපලට ඇතුළුවේ. ආසාදිත බිම්මල් වල බීජාණු හා දිලීර ජාල ඔස්සේ රෝගය පැතිරේ. වෛරස් ආසාදනය වූ බිම්මල් ඉක්මනින් විවෘත වෙමින් බීජාණු නිදහස් කරයි. ‍මෙම ආසාදිත බීජාණු සුළග, කෘමීන්, උපකරණ, ඇදුම් හා පුද්ගලයන්ගේ අත් ඔස්සේ පහසු‍වෙන් පැතිරී යයි. 

පාලනය
වගා කාමර තුළ මනා සනීපාරක්ෂක/ සෞඛ්‍යාරක්ෂිත  ක්‍රම අනුගමනය කිරීම
හොදින් පිළියල කළ හා ජීවාණුහරිත වගා මාධ්‍යයන් භාවිතා කිරීම
වගාව අවසාන‍යේ වගා කාමර පිරිසිදු කර ජීවාණුහරනය කිරීම
බීජාණු දැමී‍මෙන් පසු පාත්ති කඩදාසි කොළයකින් ආවරණය කර සෑම දින 3-4 වරක් 2% ‍පෝමලින් ද්‍රවණය ඉසීම මගින් තැන්පත්වූ ආසාදිත බීජාණු විනාශ කිරීම
නියම කාලයේදී බිම්මල් නෙලීම
වෛරස් ප්‍රති‍රෝධී නිවර්ථන බිම්මල් වගා කිරීම (AAgaricus bitorquis)


ජේ. සී රාමනායක
විද්‍යා තාක්ෂණ නිලධාරි
පස්ගොඩ
 

බිම්මල් වගාවට හානි කරන නෙමටෝඩාවන්



Mycophytic Netodes (Aphelenchoides composticola and Ditylenchus myceliophagus)
 

 මෙම නෙමටෝඩාවන් (Eelworms) බොහෝ කෘෂිකාර්මික බිම්වල වාසය කරති. මොවුන් බිම්මල් දිලීර ජාලය ආහාරයට ගනිති. වගා මාධ්‍ය සමග බිමිමල් වගා  ගෘහයට ඇතුල්වේ කෘමීන් මගින්, උපරණ ඔස්සේ හා ස්වයංව පැතිරීම සිදුවේ. ආසාදිත ප්‍රදේශ අප්‍රසන්න, තෙත් හා මොලෙක් ස්වභාවයට පත් වන අතර නිර්වායු බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා දුගදක් ඇති කරයි.
නෙමටෝඩාවන් අස්වැන්නට හා අස්වැන්නේ ගුණත්මයට බලපෑම් කරයි. අස්වනු හානියේ ප්‍රමාණය මූලික ආසාදනය සිදුවූ අවස්ථාව හා එහි මට්ටම මත රදා පවතී. බීජාණු විසිරෙන අවස්ථාවේ හානිය සිදුවුවහොත් දිලීර ජාලයේ වර්ධනයට බලපෑම් ඇති කරයි. එවිට වගාවෙන් ප්‍රතිලාභ නොලැබේ. පසු අවස්ථාවක ආසාදනය සිදුවුවහොත් සුළු අස්නු හානියක් පමණක් සිදුවන අතර බිම්මල් වගාකරුවෝ ඒ පිළිබද සැලකිල්ලට නොගනී. බිම්මල් වගා බ‍දුන් මත නෙමටෝඩාවන් දක්නට ලැබීම අසතුටුදායක වගා තත්ත්වයන් පෙන්නුම් කරයි. එනම් වගා මාධ්‍යයන් පිළියෙල කිරීම මනාව සිදු නොකිරීම හා සනීපාරක්ෂක/ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය නොකිරීම වේ.

පාලනය
වගා කාමර තුළ මනා සනීපාරක්ෂක/ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම
හොදින් පිළියල කළ හා ජීවාණුහරිත වගා මාධ්‍යයන් භාවිතා කිරීම
මැස්සන් හා මයිටාවන් පාළනය
කම්කරුවන් පිරිසිදු ඇදුම් ඇදිය යුතු අතර වගා කාමර තුළට ඇතුල් වීමට පෙර පාවහන් විෂබීජ නාශක දියරයක ගිල්විය යුතුය. (Sodium hypochlorite - ටීපෝල්)
පිදුරු හා ඉවත් කරන වගා මාධ්‍යය බිම්මල් වගා ගෘහ වලින් ඈත්කර තැබීම


ජේ. සී රාමනායක
විද්‍යා තාක්ෂණ නිලධාරි
පස්ගොඩ