Die back disease (Virus)
වගා බදුන් වල ලප ඇති වන අතර දිලීර ජාල වර්ධනයක් සිදු නොවේ. මෙම ලප වටා ගුණාත්මයෙන් තොර දිගු වෘන්ත හා අපිරිසිදු
බිම්මල් හිස් සහිත බිම්මල් දක්නට ලැබේ. ඇතැම් විට වෛරස් ආසාදනයක් ඇති බව පෙන්නුම් කරන එකම ආකාරය
අස්වනු අඩුවීමයි. දරුණු අවස්ථා වලදී විකෘති බිම්මල් කීපයනක් ඇතිවේ. ආසාදිත බීජාණු මගින් මෙම රෝගය ගොවිපලට
ඇතුළුවේ. ආසාදිත බිම්මල්
වල බීජාණු හා දිලීර ජාල ඔස්සේ රෝගය පැතිරේ. වෛරස් ආසාදනය වූ බිම්මල් ඉක්මනින් විවෘත වෙමින් බීජාණු
නිදහස් කරයි. මෙම ආසාදිත බීජාණු සුළග, කෘමීන්, උපකරණ, ඇදුම් හා පුද්ගලයන්ගේ අත් ඔස්සේ පහසුවෙන් පැතිරී යයි.
පාලනය
වගා කාමර තුළ මනා සනීපාරක්ෂක/ සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම
හොදින් පිළියල කළ හා ජීවාණුහරිත වගා මාධ්‍යයන් භාවිතා
කිරීම
වගාව අවසානයේ වගා කාමර පිරිසිදු කර ජීවාණුහරනය කිරීම
බීජාණු දැමීමෙන් පසු පාත්ති කඩදාසි කොළයකින් ආවරණය කර සෑම දින 3-4 වරක් 2% පෝමලින් ද්‍රවණය
ඉසීම මගින් තැන්පත්වූ ආසාදිත බීජාණු විනාශ කිරීම
නියම කාලයේදී බිම්මල් නෙලීම
වෛරස් ප්‍රතිරෝධී නිවර්ථන බිම්මල් වගා කිරීම (AAgaricus
bitorquis)
ජේ. සී රාමනායක
විද්‍යා තාක්ෂණ නිලධාරි
පස්ගොඩ